තරු පන්තියේ හෝටලයක සිටි අරගලකරුවන්..(VIDEO)

Galle Face Protest Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 30, 2022 03:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අරගලයේ ආරම්භයේ පටන් අරගලකරුවන් පිරිසක් කොළඹ තරු පන්තියේ හෝටලයක කාමර තුනක් බලහත්කාරයෙන් පරිහරණය කිරීම පිළිබඳ පොලිස් පරික්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළුවී ඊට අලාභ හානි සිදුකළ පුද්ගලයන් 100ට අධික ප්‍රමාණයකගේ ඇඟිලි සලකුණු මේවන විට පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. ඒවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදී එම පිරිස විදෙස් ගතවීමට උත්සාහා කළහොත් හඳුනාගැනීම සඳහා කටයුතු කරන බව පොලීසිය පැවසුවේය.

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් පසුව එහි ඇති වයිෆයි භාවිත කර සැක සහිත අයුරු අන්තර් ජාලයෙන් දුරකථන ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු පිළිබඳවද පොලීසිය විමර්ශනයක් අරඹා තිබේ. පොලීසිය පැවසුවේ එම දුරකථන දත්තා වර්තා ඇසුරෙන් අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha