සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ පිරිසක් නිරෝධායනයට
අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පුද්ගලයින් 6 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ. සැකකරුවන් පිරිස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබූ අතර එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔවුන්ව දින 14ක් නිරෝධායනය සඳහා යොමු කරන ලෙසය.
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. මේ අතර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ද ඇපමත නිදහස් කර තිබුණි.
ඒ ඔවුන් දෙදෙනාව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අද (07) පෙරවරුවේ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනා ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.
සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ඔවුන්ට එල්ලවී තිබේ. මේ අතර කළුතර ප්‍රදේශයේදී ද විරෝධතාවයක් පැවැත් වූ පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |