විරෝධතාවයන් උණුසුම් අතට - තවත් මාර්ගයක් වැසේ..(PHOTOS)

Sri Lankan protests Sri Lanka
By Sewvandhi Jan 20, 2023 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විරෝධතා හේතුවෙන් කොළඹ නිදහස් මාවතත් පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එනම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු සේවකයින්, වෛද්‍යවරුන් ඇතුලු වෘත්තියවේදීන් පිරිසක් මේ වනවිට කොළඹ ස්ථාන දෙකකදී විරෝධතාවල නිරතවනවා.

ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ වෘත්තිකයින්ගේ වැටුප මත පැනවූ නව බදු ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

එක් විරෝධතාවක් නෙළුම් පොකුණ අසළ පැවැත්වෙන බැවින් එම ස්ථානයේ මාර්ග අවහිරතාවක් පවතින බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මුදල් අමාත්‍යාංශය අසළ පැවැත්වෙන විරෝධතාව නිසා ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

එම ස්ථානයේ ඡායාරූප පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery
ReeCha