පුද්ගලයෙක් ජේතවනාරාම චෛත්‍යය මත විරෝධයක..

protest srilanks Gohomegota
By Sithumi Apr 16, 2022 01:12 PM GMT
Sithumi

Sithumi

Report

උද්ඝෝෂණ සිදුකර රට තවදුරටත් අරාජිත තත්ත්වයට පත් නොකරන ලෙස සඳහන් කරමින් පුද්ගලයෙක් ජේතවනාරාමයේ හතරුස් කොටුවට නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙලෙස විරෝධතාවයක නිරතවී සිටින්නේ ජේතවනාරාම ව්‍යාපෘතියේම සේවයේ නියුතු A.A.මහින්ද කුමාර නමැති පුද්ගලයෙකි. මෙම පුද්ගලයා අද (16) උදෑසන එම විරෝධතාවය ආරම්භ කර තිබේ.

ඔහු පවසන්නේ උද්ඝෝෂණ සහ විරෝධතා හරහා රට තවදුරටත් අර්බුදයක නොදමන ලෙසය. එසේ නොමැති වුවහොත් තමන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔහු පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now