ආරක්ෂාවට මොකද වෙන්නේ?. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.
ඒ එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනා කරන බවයි.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය කරන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් පවත්වාගෙන යන බව ද එම නිවේදනයෙන් සහතික වී තිබෙනවා.
දැනට දිවයින තුළ රැඳී සිටින සියළුම විදේශිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහතික වී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.