සති අන්තයේ සිට විෂබීජනාශක දියර තහනමක්..?
prison
sanitizer
By Sewvandhi
බන්ධනාගාරය තුළට විෂබීජනාශක දියර රැගෙන යාම පසුගිය සති අන්තයේ සිට අත්හිටුවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන ජාතික රැඳවියන් දෙදෙනෙකු විෂබීජනාශක දියර පානය කිරීමෙන් පසු මියයාමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
ඉරාන ජාතිකයින් 12 දෙනෙකු මෙලෙස විෂබීජනාශක පානය කර තිබූ අතර, ඉන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, විෂබීජනාශක දියර වෙනුවට සබන් භාවිතය මේ වනවිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියා.
-----------------------------------------------------------
ඇමති රන්ජන් අද කරාපිටිය රෝහලට පැමිණි අවස්ථාව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |