කංසා වවා පර්යේෂණ කළ ආචාර්යවරයෙකුට වැඩ වරදී..
Thanamalvila
prof Wasantha Senavaliaga
Bodhagama
Kansa
By Sewvandhi
පර්යේෂණයක් සඳහා තණමල්විල - බෝදාගම ප්‍රදේශයේ කංසා වගාවක් සිදුකළ ආචාර්ය වසන්ත සේනවැලිඅංග, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපත්‍ර නොමැතිව කංසා වගා කිරීමේ චෝදනාව මත අද ඔහුව අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
කංසා පිළිබඳ මේ වනවිට ග්‍රන්ථ දෙකක් සම්පාදනය කර ඇති ඔහු පසුගියදා ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ඉල්ලා තිබුණේ අදාළ වගාව සිදුකිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.
එසේම, කංසා සම්බන්ධයෙන් කෞතුකාගාරයක් ඉදිකිරීමටද ආචාර්ය වසන්ත සේනවැලිඅංග සැලසුම් කර ඇති බවයි ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |