පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් තර්ජන කප්පම් අරගෙන - ජනතාවට දැනුම්දීමක්
පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ ඊ මේල් පණිවුඩ ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
පොලීසිය සදහන් කරන්නේ පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් අදාළ විද්‍යුත් තැපැල් ජාලය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව සැකකටයුතු, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් වෙත පිළිතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසත් එම පණිවුඩවල ඇති සබැඳිවලට පිවිසීමෙන් වලකින ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද මෙවැනි අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලීසියේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙස පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.