පාසල්වල 1 සිට 13 වසර දක්වා සිසුන්ට මේ විෂය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීය යුතුයි - සජිත්ගෙන් යෝජනාවක්

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වඩාත් සාර්ථක කර ගැනීමට නම් ක්ෂේත්‍රය තුළ පවතින බෙදීම් නැති කර, සියලු පාසල්වල සමානාත්මතාවය තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ හේෂා විතානගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමින්. එසේම ඔහු පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රාථමික ශ්‍රේණිවල සිටම ඉගැන්වීම ලෝක සම්මතය වුවත්, ශ්‍රී ලංකාවේ එය 6-13 ශ්‍රේණිවලට පමණක් සීමා වී ඇති බවයි.

එමෙන්ම විපක්ෂ නායකවරයා සඳහන් කළේ ලෝක සම්මතයට අනුකූලව 1 සිට 13 වසර දක්වා තොරතුරු තාක්ෂණය විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට කටයුතු කළ යුතු බවයි.

දේශපාලනයේ හදිසි පෙරළියක්..සජිත්ව අගමැති කරන්න සාකච්ඡා

දේශපාලනයේ හදිසි පෙරළියක්..සජිත්ව අගමැති කරන්න සාකච්ඡා

2026 වසරේ සිට ක්‍රියාත්මක වන 1 වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කටපාඩම් සහ සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ‘අන්තර් ක්‍රියාකාරී’ සහ ‘ක්‍රීඩා පාදක’ ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වාදීම ප්‍රශංසනීය බව ද විපක්ෂ නායකවරයා කියා සිටියා.

එසේ වුවත් මෙම නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන්ට ලබා දී ඇති පුහුණුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බවත්, සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වීමට රජය ගෙන ඇති පියවර සහ ඒ සඳහා භාවිත කරන නිර්ණායක කවරේදැයි පැහැදිලි කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියා.

එමෙන්ම මෙහිදී ඔහු පාසල් බෑග්වල බර අඩු කිරීම සඳහා වාර කේන්ද්‍ර කර ගනිමින් පෙළ පොත් කොටස් වශයෙන් ලබා දීමට අමාත්‍යාංශය ගත් තීරණය පිළිබඳව දෙමාපියන් සතුට පළ කර ඇති බව සඳහන් කළා.

එම ක්‍රමවේදයේ සාර්ථකත්වය ගණනය කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත්, සර්වග්‍රාහී ළමා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ගෙන ඇති පියවර මොනවාදැයි දැන ගැනීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා.

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

මේ අතර නව වෙනස්කම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස දරුවන්ගේ භාෂා අධ්‍යාපනය නැංවීමට ‘භාෂා විද්‍යාගාර’ (Language Labs) පිහිටුවීමේ වැදගත්කම ද අවධාරණය කර සිටියා.

එමෙන්ම පාසල් පද්ධතිය තුළ පවතින සුහුරු (Smart) උපකරණ සම්බන්ධයෙන් වහාම සංගණනයක් පවත්වා තොරතුරු ලබා ගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටි බව සඳහන්.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්