මේ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ රළුවෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අද (27) පස්වරු 4.30 සිට හෙට පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ .
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර එහි මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. එ
මෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද සදහන්ය ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.