ප්‍රියන්තගේ දේහය සම්බන්ධයෙන් අද දහවල් 12.30ට කරන්න යන දේ මෙන්න.(VIDEO/PHOTOS)

Accident Murder Sri Lanka Pakistani Priyantha Kumara
By Aruna Dec 06, 2021 05:27 AM GMT
Aruna

Aruna

Report

ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 186 දරන ගුවන් යානය ලාහෝරයෙන් දහවල් 12.30 ට පිටත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද පස්වරු 5.00 ට මෙරට වෙත ළඟා වීමට නියමිතව තිබේ.

මේ අතර ප්‍රියන්ත කුමාර මහතාට පහර දෙන අවස්ථාවේදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයාට රාජ්‍ය ගෞරව සම්මානයක් පිරිනැමීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.

ඔහු රාජ්කෝ ඇගලුම් කම්හලේ නිෂ්පාදන කළමණාකරු වන මලික් අඩ්නාන් නම් පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙය පකිස්ථානයේදී පිරිනැමෙන ඉහළම සම්මානයක් බවද එම වාර්තා පෙන්වා දෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


GalleryGalleryGalleryGallery