ප්‍රියන්ත බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයාට හිමිවූ අදහාගත නොහැකි දේ මෙන්න.

Murder Sri Lanka Pakistan Priyantha Kumara Imran karn
By Aruna Dec 06, 2021 04:00 AM GMT
Aruna

Aruna

Report

ප්‍රියන්ත කුමාර මහතාට පහර දෙන අවස්ථාවේදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයාට රාජ්‍ය ගෞරව සම්මානයක් පිරිනැමීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.

ඔහු රාජ්කෝ ඇගලුම් කම්හලේ නිෂ්පාදන කළමණාකරු වන මලික් අඩ්නාන් නම් පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙය පකිස්ථානයේදී පිරිනැමෙන ඉහළම සම්මානයක් බවද එම වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර  පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහය, ලාහෝර් සිට UL 186 ඔස්සේ පස්වරු 5.00ට කොළඹට පැමිණ, ඔහුගේ ළඟ ම ඥාතීන් වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා විසින් ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන කිසිදු දර්ශනයක් ඉන්ටර්නෙට් හෝ සමාජ මාධ්‍යවල පළ නොකරන ලෙස ත් ඒවා හුවමාරු කර නොගන්නා ලෙස ත් ය.

එමෙන් ම, එම දර්ශන ඉවත් කර ගන්නා ලෙස ඔවුන් ලොව පුරා මධ්‍ය ආයතනවලින් ද ඉල්ලීමක් කර ඇත.

පකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා වධහිංසා පමුණුවා දෙසැ. 3 වන දා ඝාතනයට ලක්ව තිබිණි.

ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා කරමින් විශාල පිරිසක් ගල්මුල්වලින් පහර දී ඔහු ඝාතනයට ලක්වූ පසු දේහය පුළුස්සා දමා ඇති බව මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

පකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, මුහම්මද් නබි තුමාගේ (Holy Prophet) පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බඳුනකට දැමූ බවට චෝදනා කරමින් මෙම ඝාතනය සිදු කර ඇති බව ය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉන්ජිනේරු පීඨයේ උපාධිධරයෙකි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now