පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීමට සූදානමක්?..සතුටුදායක ආරංචියක්.!!!

Sri Lanka
By Aruna Jun 22, 2022 05:58 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී සිටින බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී සඳහන් කළේ.

“මේ දිනවල කම්කරුවෝ ජීවත් වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කතාවෙනවා. 100%ක් ඇත්ත. අපි ඒක පිළිගන්නවා.

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න මේ වන විට සාකච්ඡා පවත්වලා තිබෙනවා.

ඉදිරියේදී ඒ නිශ්චිත අවම වැටුප සමග පෞද්ගලික ක්ෂේත්‍රයේ අවම වැටුප වැඩි කරලා පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව වතු කම්කරුවාගේ පැත්තෙනුතේ විශේෂ ඉල්ලීම් ගණනාවක් ලැබෙමින් පවතිනවා.

ඒ අනුව වතු කම්කරුවන්ටත් දැනෙන වැටුප් වර්ධනයක් ලබා දිය යුතුයි කියන තැන අපි කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී සිටිනවා”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now