පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

parliament labor department private sector minimum wage
By Sewvandhi Jul 08, 2021 03:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප වැඩි කිරීම සඳහා වේතන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවති රුපියල් දස දහසක් වන අවම වැටුප රුපියල් 12,500 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප ද රුපියල් 400යේ සිට 500 දක්වා ඉහළ දැමීමට අදාළවද නීති සංශෝධනය කර තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ උපදේශ කාරක සභාවේදී ඊයේ මේ පිළිබදව සාකච්ඡා වී ඇති අතර, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට අවධානය යොමු වූ බවත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළා.

මේ අතර, වීසා නොමැතිව රැදී සිටින විදේශිකයන්ට එම කාලය වෙනුවෙන් වීසා ගාස්තුවලට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීම ඇතුළු වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබෙනවා.

සංචාරක වීසා ගාස්තු අය කිරීමේදී විවිධ රටවල් සඳහා පැවති විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකීය ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සංචාරක කාර්යයන් සඳහා නිකුත් කරනු ලබන සංචාරක වීසා කාලසීමාව මාස තුනේ සිට මාස 09 දක්වා දීර්ඝ කිරීම කෙරෙහිද අවධානය යොමුවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha