පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

Report

 හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව ඡන්දහිමි සියලුම රටවැසියන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරනවා.මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ හෙට (14) දින පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීමට අවශ්‍ය බවයි.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

සේවා ස්ථානයේ සිට සේවා ස්ථානය දක්වා කිලෝමිටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩු කාලයක් ද, කිලෝමිටර් 40 ත් 100 ත් අතර නම් දින එකක නිවාඩු කාලයක් ද, කිලෝමිටර් 100 ත් 150 ත් අතරනම් දින 1 හමාරයක කාලයක් ද, කිලෝමිටර් 150 ට වඩා වැඩි නම් දින 02 ක නිවාඩු කාලයක් ද ලබා දීම සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඡන්දය ලබා දෙන ස්ථානයට යාමට කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු දීමට සිදුවන විට අවස්ථානුකුලව සේවා යෝජනකයන් විසින් ඒ සම්බන්ධයෙන් දින තුනක නිවාඩුවක් ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.

වාහනයේ යවන්න අපහසු පැල්ලම් පහසුවෙන් ඉවත් කර ගන්න රහස් Tips.

වාහනයේ යවන්න අපහසු පැල්ලම් පහසුවෙන් ඉවත් කර ගන්න රහස් Tips.

Gallery