ජනපති සමාව ලැබිය යුතු අය අවු. 20-25 තියා ගත්ත නිලධාරීන්ගේ පැටිකිරිය එළියට

By Mithu Jun 09, 2025 09:34 AM GMT
Report

පසුගියදා මූල්‍යමය වංචාවක් සිදුකළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබා දුන් සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාවටම කතාබහ සිදුවූ අතර ජනපති සමාව දුන් ලිස්ට් එකේ ඔහුගේ නම නොමැති වූ බවත් ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ අක්‍රමිකතාවයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූ දෙයක් බවටත් අනාවරණය වෙමින් පවතිනවා.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

බන්ධනාගාර ඉහළ නිලධාරීන් විසින් සෑම අවස්ථාවකදීම සිදු කළේ දූෂිත ක්‍රියා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා පවසනවා.

අත යට මුදල් ගනුදෙනු සිදු කරමින් රැඳවියන්, අනීතික ආකාරයට නිදහස් කිරීමෙන් නිසි ආකාරයට නිදහස්වීමට සිටින රැඳවියන්ට විශාල අසාධාරණයක් සිදුවන බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ලබා ඇති, අවුරුදු 20 - 25 ක් පමණ සිරගතව සිටින රැඳවියන් සිටින බවද, ඔවුන්ට නිදහස්වීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් විසින් අවස්ථාව ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

මෙම සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන් ජනාධිපතිවරයාවත් නොමග යවා මෙම ක්‍රියාව සිදුකර ඇති බවත්, මෙය පළමු සිදුවීම නොවන බවත්, මෙම ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.