රැඳවියන් පිරිසක් පලා යන අතරේ බන්ධනාගාර බළධාරීන් ගත් දැඩි තීන්දුව
කුරූණෑගල අධිකරණ ශාලාවේ සිරමැදිරිය තුළ රඳවා සිටි රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිරකරුවන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.
කෙසේවෙතත් ඉන් එක් සිරකරුවෙකු වැල්ලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
මෙම සැකකරුවන් සොරකම් සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
ඔවුන් අද (27) උදෑසන කාලයේ සිරමැදිරියෙන් පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පළාගිය සෙසු සිරකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
එමෙන්ම
බන්ධනාගාරවල දේපළවලට හානි කරමින් උද්ඝෝෂණය කරන කිසිදු රැඳවියෙකු සමාවල් සඳහා නිර්දේශ නොකිරීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම තීරණය ගෙන ඇති බවය.
"බන්ධනාගාරවල වහල මත නැග උද්ඝෝෂණය කරන බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් හැසිරෙන කිසිදු රැඳවියෙකු සඳහා ඉදිරියේදී කිසිදු ආකාරයක සමාවල් සඳහා නිර්දේශ කරන්නේ නෑ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ බව තීරණය කර තිබෙනවා. මේ ආකාරයෙන් කටයුතු කරමින් බන්ධනාගාරය සතු දේපළවලට හානි කරන රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම දැඩි තීරණය අරගෙන තිබෙනවා."
වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක විය. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ඊයේ (26) පස්වරුවේ එහි චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබුණි. ඒ තමන්ට ලබාදී ඇති මරණ දඬුවම සිව්වස් සමාලෝචනයක් කර 20 අවුරුදු සිරදඬුවමක් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලමින්ය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |