මින් ඉදිරියට රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මගින්..... .(PHOTO)

sri lanka army license driving
By Thaya Jan 02, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට අයත් වේරහැර ශාකාවේ රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය ඊයේ සිට( ජනවාරි 01) ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා යුද හමුදාව වෙත පැවරීම සිදු කෙරිණ..

ශ්‍රි ලංකා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පවතින අකාර්‍යක්ෂමතාවයන් හා විශමාචාරයන් මගහරවා ශ්‍රි ලාංකීය මහජනතාවට කාර්‍යක්ෂම හා ඵලදායි ජනහිතවාදී වන ආකාරයෙන් ශ්‍රි ලංකා රියදුරු බලපත්‍රය ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව මෙම ශ්‍රි ලංකා රියදුරු බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදාව වෙතින් භාරගැනීමට අදාළ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු අතර වන අවබෝධතා ගිවිසුම ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් වේරහැර පරිශ්‍රය තුළ දී අත්සන් කරන ලදී.

යුද්ධහමුදාපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා ප්‍රධාන සංඥ නිළධාරී කාර්‍යාලයේ අධීක්ෂණ්‍ය යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසදුම් මධ්‍යස්ථානය (Army Information technology solutions center/ AITSC ) ලෙස නව අයතනයක් ද යුද්ධ හමුදාව තුළ ස්ථාපනය කරන ලදී. සදහන් කරන ලද අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමගම යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසදුම් මධ්‍යස්ථානය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ රියදුරු බලපත් නිකුත් කිරීමේ කාර්‍යාලය වේරහැර පරිශ්‍රයේ ස්ථානගත වෙමින් අභිනවයෙන් මෙහෙයුම් ආරම්භ කරයි.

මෙම ව්‍යාපෘතිය තුළදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරණුයේ රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ගේ අයදුම්පත් හි ජීවදත්ත තොරතුරු ඉතා ක්‍රමාණුකූල ක්‍රියවලියක් මගින් පරිගණක ගත කිරීම අනතුරුව රියදුරු බලපත්‍රය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් තුළ මුද්‍රණය කිරීම හා ඒ සදහා වන ඉතා විශාල සංයුක්ත පරිගණක පද්ධතියේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම සහ එම පද්ධතියේ නඩත්තුව පූරණකාලිනව සිදු කිරීමයි. මෙම සංයුක්ත පරිගණක පද්ධතිය තුළ දිස්ත්‍රික්ක 9 ක හැදුනුම්පත් කාර්යාල දුරස්ථව සහ මාර්ගගතව සම්බන්ධ කර ඇත.

මෙහිදී රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියේ අයදුම්පත් භාරගෙන ලියාපදිංචි කිරීම රියදුරු ප්‍රවීනතා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීම. රියදුරු යෝග්‍යතා පරීක්ෂණ සිදුකිරීම හා මුදල් අයකැම් කටයුතු හා මුද්‍රණය කරන ලද රියදුරු බලපත්‍රය නිකුත් කිරීම තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාරතුමේන්තුව මගින්ම සිදු කරනු ලබයි.

දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රි ලාංකික පුද්ගලික අංශයේ ආයතනයක් හා විදේශිය ආයතනයක් සමග එක්ව පිහිටුවා තිබූ සමාගමක් මගින් සිදු කරන ලද මෙම සේවාව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකිරීම මගින් ඒ සදහා විදේශයකට ඇදීයන මෙරට මුදල් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන අතර ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවදත්තයන් තොරතුරු දත්තයන් ලෙස විදේශයකට නිරාවරණය වීමද වැලකේ. එමගින් ශ්‍රි ලාංකීය ආර්ථිකය වෙත යහපතක් ඇති කිරීමටද ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය සුරැකීමට ද හැකිවනු ඇත.

එසේම මෙම ව්‍යාප්තිය ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙතින් සිදු කිරීමේ දී මෙතෙක් එම ක්‍රියාවලිය පවත්වාගෙන ගිය පුද්ගලික සමාගමේ සේවය කරනු ලැබූ සේවක සේවිකාවන් සියල්ලන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ඔවුන් යුද්ධ හමුදා ස්වෙච්චා බල සේනාව වෙත බදවා ගැනීමට ක්‍රියාකරන ලද අතර එහිදී ඒ සදහා තම කැමැත්ත පල කල සේවක සේවිකාවන් 45 දෙනෙකු යුද්ධ හමුදා සෙබල සෙබලියන් ලෙස ස්වෙච්චා උප සේවයට අනියුක්ත කරගන්නා ලදී. එමගින් මෙම නව ක්‍රියාවලියක් සමග එම සේවක මඩුල්ලේ සේවා වියුක්ත වීම සදහා පිළියම් ලබාදීමට හැකියාව හිමිව ඇත.

GalleryGalleryGallery
ReeCha