විදුහල්පති හිමිනමගෙන් බාල වයස්කාර දරුවන්ට දැඩි අතවර

monk abuse principle Higurakgoda nittambuwa
By Sewvandhi Sep 30, 2021 08:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම පාසලේ ඉගෙනුම ලබන බාලවයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට පත්කර සිටි විදුහල්පති හිමිනමක් වූ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. අදාල හිමිනමට තවත් සිසුන් පිරිසක් අපයෝජනයට පොළඹවා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් වී තිබිණි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විදුහල්පති හලක විදුහල්පති හිමි නමක් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසිනි.

මේ අතර, නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ දි තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොට්ඨාසයේ නි,ධාරීන් විසින් සිදුකළ වැටලීමකදි කඩු දෙකක්, කිණිසි දෙකක් සහ උල් පිහි දෙකක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 22 සහ 24 වයස්වල පසුවේ. ඔවුන් අද (30) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now