අගමැති නිල වෙබ් අඩවිය හැකරුන්ගේ ග්‍රහණයට

mahanida rajapaksha official web hacked Rajeeva Yasiru syber attack
By Sewvandhi Jun 03, 2021 03:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ.

එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery