සජබ විරෝධතාව හමුවට ගොස් අගමැති කී දේ...(PHOTOS)

By Sewvandhi Dec 06, 2021 03:03 PM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ සමගි ජන බලවේගයේ විරෝධතාවයේ නිරත මන්ත්‍රී පිරිස හමුවට ගොස් තිබෙනවා.

එහිදී එම විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරු සමඟ අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

විරෝධතාවක් සංවිධායන කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉතිහාසයේ තමන් සමග දේශපාලන සටන්වලට එක්වූ විරෝධයේ නිරත ව සිටි මන්ත්‍රීවරු සමඟ අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery