මෙවර ජනාධිපතිවරණයට අලුතෙන්ම එක්වන අපේක්ෂකයා..

Election Commission of Sri Lanka Election Local government Election
By Sewvandhi Feb 18, 2024 04:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වත්තේගම නගරයේදී අද විශ්‍රාමිකයින් පිරිසක්, අයවැයෙන් ඉහළ දැමූ රුපියල් 2500 දීමනාව කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලා දිවයින පුරා සිදු කෙරෙන විරෝධතාවට සමගාමීව විරෝධතාවයක නිරත වුණා.

පසුගිය 12 වනදා විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා.

මෙවර ජනාධිපතිවරණයට විශ්‍රාමිකයින්ගෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි, වත්තේගම නගරයේදී අද පැවති විරෝධතාවට එක් වෙමින් අදහස් දැක් වූ රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදලේ සභාපති සුමතිපාල උඩලකුඹුර සඳහන් කළේ.