" ආණ්ඩුව ව්‍යාපාර නොකර පෞද්ගලික අංශයට ඉඩ දිය යුතුයි." - (VIDEO)
රජ්‍ය අංශය ව්‍යාපාර කටයුතු සිදු කරන්නට යෑමෙන් මහවැලි ව්‍යාපෘතිය වැනි දැවැන්ත ව්‍යාපෘති සියයක් සිදු කළ හැකිව තිබුණු මුදල් නාස්ති වී ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, ඩී.එස්. සේනානායක ගුණසමරුවට සහභාගී වෙමින්.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, ඩී.එස්. සේනානායක දර්ශනය අපි ඈත් කළ ද, එම දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත්වූ බවයි.
එමෙන්ම රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවත්, දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
