අටමස්ථානාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ගැන ජනපතිගෙන් විශේෂ නිවේදනයක්.

Anuradhapura Sri Lanka President of Sri lanka
By Aruna Oct 19, 2022 06:26 AM GMT
Aruna

Aruna

Report

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

මෙරට මහා සංඝරත්නය අතුරින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිය පැවිදි දිවිය අර්ථවත්ව ගත කළ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ රජරට ජනතාවගේ මෙන්ම රටවැසි සියලු ජනතාවගේ සුබ සෙත උදෙසා නිරන්තරයෙන් කැප වූ සංඝ පිතෘන් වහන්සේ නමකි.

ජනාධිපති මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery