මන්නාරම සුළං බල ව්‍යාපෘතියට කොළ එළිය - ඉදිකිරීම් කටයුතු ඇරඹේ

Report

2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයක් (Net Zero) ලබා ගැනීමේ රජයේ දිගුකාලීන සැලැස්මට අනුකූලව, මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලිකුලම් ප්‍රදේශයේ හේලීස් ෆෙන්ටන්ස් (Halees Fontaines) සමාගම විසින් සංවර්ධනය කරනු ලබන මෙගාවොට් 50 ක සුළං බල ව්‍යාපෘතිය අද (15) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මන්නාරමේ ස්වභාවික සුළං විභවය උපයෝගී කරගනිමින් ඉදිකරන අති නවීන සුළං බලාගාරයක් වන අතර, එහි සුළං ටර්බයින 10ක් ස්ථාපනය කෙරේ. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 207ක විදුලිය ජනනය කිරීමට අපේක්ෂා කෙරේ.

ලංකාවේ ආර්ථිකයට නැවතත් රතු එළිය - රවීගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවේ ආර්ථිකයට නැවතත් රතු එළිය - රවීගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

විශේෂත්වයක් ලෙස, මෙම ව්‍යාපෘතියෙන් ජනනය වන විදුලිය ඒකකයකට (per unit) ඇමරිකානු ඩොලර් ශත 4.65ක අඩු අනුපාතයකින් සැපයීමට නියමිතය. එය වත්මාන් විනිමය අනුපාතය අනුව රුපියල් 14.37කට සමාන වන අතර, මෙය ශ්‍රී ලංකාවේ පවතින විදුලි බිල්වලට සාපේක්ෂව ඉතා තරඟකාරී මිලක් ලෙස සැලකේ.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2027 මාර්තු මාසය වන විට නිම කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මෙම සුළං බල ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති මාර්ගෝපදේශයේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, රටේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, කාබන් විමෝචනය අඩු කිරීමටත් සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේ, පුනර්ජනනීය බලශක්තිය මත රඳා පවතින තිරසර ආර්ථිකයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතාවක් බවයි.