ජනපති සිය පළමු විදේශ සංචාරයේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි...(PHOTOS)

Anura Kumara Dissanayaka Sri Lanka President of Sri lanka India
By Piyumika Dec 16, 2024 01:53 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ  (15) රාත්‍රියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම එරට මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් මෙහිදී හමු වී ඇත.

පුරප්පාඩු කථානායක ධුරයට විපක්ෂයේ ප්‍රබලයකුගේ නමකුත් ?..

පුරප්පාඩු කථානායක ධුරයට විපක්ෂයේ ප්‍රබලයකුගේ නමකුත් ?..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවැත් වූ හමුවේදී මෙරට ආර්ථික පුනරදයක් ඇතිකිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ වැඩි අවධානයට ලක්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළකරන බවද ජයිශංකර් මහතා ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

මීට අමතරව ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත.

මේ අතර ජනාධිපතිවරයා සහ නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවැත් වූ සාකච්ඡාවේදී ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවාගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන ඖෂධ මිල අඩුකරන්න බැරී හේතුව මෙන්න...

ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන ඖෂධ මිල අඩුකරන්න බැරී හේතුව මෙන්න...

එමෙන්ම ඉන්දියානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇත.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව ඇත.

ජනපති සිය පළමු විදේශ සංචාරයේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි...(PHOTOS) | President Begins Diplomatic Talks With India

You may like this video

ReeCha