ජනපති අනුර අද අමෙරිකාව බලා

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහායි.

ඒ අනුව ජනාධිපතිවරයා අද රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා එළඹෙන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතව ඇත.

ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරකයට

ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරකයට

එසේම මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව ඇති බව සඳහන්.

තවද ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. 

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්