මුහුදු වැලි විකිණීමට සූදානමක්. වැලි මීටර් කියුබ් මිලියන දෙකක් ගොඩබිමට පොම්ප කිරීමට සැරසෙයි.
මෙරට මුහුද අශ්‍රිතව මුහුදු වැලි විකිණීම සඳහා වැලි කැණීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සඳහන් කරනවා.
වාරකන් කාලය නිමවූ පසුව ලබන වසරේදී එය අරඹන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි විකිණීමට හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සකසමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව මුතුරාජවෙල වෙරලේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි මීටර් කියුබ් මිලියන දෙකක් පමණ පොම්පකිරීමට නියමිතයි.
මුහුදේ සිට නල මගින් පොම්ප කළ වැලි ගොඩබිම අදාල ස්ථානයට ගෙන ඒම, වැලි කඳු ලෙස විවෘත එළිමහනේ ගබඩා කිරීම, වැලි යන්ත්‍රයට ඇතුල් කිරීම, සේදීම, පිරිසිදු කිරිම, තේරීම සහ වේලීම යන අංශවලට යොමු කෙරෙනු ඇත.
එලෙස සෝදා පිරිසිදුකර වියලා හලා ගන්නා ලවණ රහිත මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ SLS1397:2010 ප්‍රමිතියට අනූකූලව සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසනවා.
අනතුරුව එම මුහුදු වැලි කෙරවළපිටිය- මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතයි.
ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබෙනවා.
මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ඒ සම්බන්දයෙන් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගැනීමටද නියමිතව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |