ලබන සතියේ සිට පාන් පිටි මිලට වෙනදේ මෙන්න..රටටම සුබ ආරංචියක්.!!!

Sri Lanka Businessman
By Aruna Sep 23, 2022 01:22 AM GMT
Aruna

Aruna

Report

ඇණවුම් කරන ලද තිරිඟු පිටි මේ වනවිට වරායට පැමිණ ඇති නිසා ලබන සතියේ සිට පිටිවල මිල පහළ යනු ඇතැයි ආනයනකරුවන් පවසනවා.

තුර්කියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඇණුවුම් කරන ලද තිරිඟු පිටි තොග ගෙවුණු සතියේ සිට මෙරටට පැමිණ ඇත.

තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක පසුගිය මාසවල ඇණවුම් නොකිරීම නිසා රට තුළ පිටි හිඟයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් කිලෝග්‍රෑමයක් රුපියල් 350-400 අතර මිලකට ඉහළ ගියේය.

කෙසේ වෙතත් කොළඹ හතරවන හරස් වීදියේ ආනයනකරුවන් විසින් තිරිඟු පිටි ඇණවුම් කිරීමත් සමග එහි තොග ලැබීමත් සමග කිලෝවක මිල රුපියල් 300 පහළ මට්ටමකට පහත බසිනු ඇති බව වාර්තා වේ.

ලබන සති අන්තය වනවිට ඇණවුම්වල විශාල තොග රටට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ අනුව මෙලෙස පාන් පිටි මිල අඩුවීමක් සිදු වුවහොත් ඒ ආශ්‍රැත බේකරි නිෂ්පාදන ද පහත යනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now