හරක් කටාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 03, 2025 07:12 AM GMT
Shehan

Shehan

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටියදී එතැනින් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී ඇති නදුන් චින්තක හෙවත් "හරක් කටා" ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධි චෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කෙහෙළියගේ ඖෂධ නිසා ලෙඩ වුණ රෝගීන්ට විශේෂ නිවේදනයක් - වහාම ඉදිරිපත් වන්න

කෙහෙළියගේ ඖෂධ නිසා ලෙඩ වුණ රෝගීන්ට විශේෂ නිවේදනයක් - වහාම ඉදිරිපත් වන්න

මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක මහතා විසින් ලබා දී ඇත. මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති චෝදනා මහාධිකරණය හමුවේ විභාග කිරීමට හැකි බවයි.

එසේම, අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමේදී කිසිදු කාර්ය පටිපාටිමය දෝෂයක් සිදුවී නොමැති බවත් විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

මෙම තීන්දුවෙන් අනතුරුව, නඩුව ඉදිරි විභාගය සඳහා 2025 අගෝස්තු 05 වනදාට කල් තැබීමට ද විනිසුරු සුජීව නිශාංක මහතා නියෝග කළේය. මෙම නඩුවේ ඉදිරි විභාගය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනාවල බරපතලකම සැලකිල්ලට ගෙන බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති අතර, එහි ප්‍රගතිය පිළිබඳ තවදුරටත් තොරතුරු බලාපොරොත්තු වේ.

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

ReeCha