කෙහෙළියගේ ඖෂධ නිසා ලෙඩ වුණ රෝගීන්ට විශේෂ නිවේදනයක් - වහාම ඉදිරිපත් වන්න

Report

2023 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලසීමාව තුළ දී හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල අමාත්‍යවරයා විසින් ගෙන්වන ලද ඖෂධවලින් හෝ බෙදා හරින ලද ඖෂධවලින් සංකූලතා මතු වූ හෝ මියගිය රෝගීන් හෝ ඔවුන්ගේ ඥාතීන් සිටී නම් වහාම ඉදිරිපත් වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද (03) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලීමක් කළා.

මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට වෙඩි - අයෙක් මරුට

මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට වෙඩි - අයෙක් මරුට

ඖෂධ ලෙස හැඟවෙන ඖෂධීය නොවන දියර ලබාදීම හෝ විෂ සහිත එන්නත් කිරීම නිසා හෝ මීට පෙර ආබාධිත හෝ රෝගී තත්වයෙන් සිටි පුද්ගලයන්ගේ රෝගී තත්ත්ව වැඩි වර්ධනය වීමක් හෝ මිය යාමක් සිදු වූයේ නම් එය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති නඩු විධාන සංග්‍රහය යටතේ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමක් හෝ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමක් වන බැවින් ඒ සම්බන්ධව නීති අංශ සමග එක්වී නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා පැවසුවේ. බාල ඖෂධ ලබාදීම නිසා මියගිය හෝ සංකූලතාවයන්ට ලක් වූ රෝගීන් දෙසියකට අධික ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් සම්බන්ධව සත්‍ය තොරතුරු වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඟවන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම තොරතුරු සැඟවීම ද අපරාධවලට අනුබල දීමක් වන හෙයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ද පියවර ගත යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවා.

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

ඖෂධයක් තුළ අඩංගු විය යුතු රසායනික සංයෝගය අඩංගු නොවී, ව්‍යාජ දියරයක් ලබාදීම හරහා රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හෝ මරණයට පත්වීම සිදුවන හෙයින් අදාළ ඖෂධය නිෂ්පාදනය කොට වෛද්‍ය සැපයුම් ලබා දී බෙදා හැරීම සම්බන්ධ සියලුම දේශපාලකයින් සහ නිලධාරීන් සම්බන්ධව මිනීමැරීමට අනුබලදීම යටතේ අධිකරණය හමුවේ නඩු ගොනු කළ හැකි බැවින් අගතියට පත්වූ සියලු දෙනාටම ඉදිරිපත් වන ලෙසයි හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.