Ali express මේ දවස්වල අලි ගැටලුවක් වෙලා නිසා චතුරංගගෙන් පැහැදිලි කිරීමක්

Report

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් Ali express වැනි වෙබ් අඩවිවලින් භාණ්ඩ ආනයනය දේශීය නිෂ්පාදකයන්ට දැවැන්ත තර්ජනයක්ව පැවති බව පවසා ඇත.

එනිසා එය පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග රජය ගනිමින් සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ ෆේස්බුක් සටහනක් එක්කරමින්.

එය උපුටා පහතින් දක්වා ඇත.

“කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා. ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ ? ලංකාවෙ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ. මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක) මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු) . දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා.

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

තවත් බිහිසුණු වෙඩි තැබීමක්

බර අනුව නෙමේ. මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කටයුතුවලට ගේන එක් එක් අයිතම බදුවලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ. අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පර්‍යේෂණ උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි. System Change ☺කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු. ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා. අර්බුදයට සැබෑවට ලක්වුණ පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න.”

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්