ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පාර ලංකාවට මොකක්ද කරන්න හදන්නේ
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී පනවූ අන්‍යෝන්‍ය තීරුබදු යළි ක්‍රියාත්මක වීමට තවත් දින 6ක් පමණක් ඉතිරිව ඇති අතර, ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර තවමත් නිශ්චිත එකඟතාවයකට ළඟා වී නැත.
නව 44%ක බදු අනුපාතය, ඇඟලුම්, තේ සහ රබර් වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්ත වෙත සෘජුවම බලපානු ඇත. එය තරඟකාරීත්වය අඩු කිරීමෙන් සහ ආදායම් පහත දැමීමෙන් ශ්‍රී ලංකාවට අවාසියි.
ඇමරිකාව වියට්නාමය, ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් සමඟ දැනටමත් එකඟතාවයකට ළඟාවී ඇති අතර, ශ්‍රී ලංකාවට වඩා කුඩා සහන කාලයක් හිමිව ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා පවසා ඇත්තේ සති 2ක ඇතුළත එක්සත් ප්‍රකාශයක් නිකුත් විය හැකි බවයි.
එහෙත්, සහන කාලය අවසන්වීමට කිසිදු තීරණාත්මක ප්‍රතිඵලයක් මේ වනවිටත් නොපැහැදිළිව පවතී.