බඩුත් එක්ක හොරු - කෝටි ගාණකට වැඩේ දුන්න ඇමති කොටුවෙයි

Sri Lanka Politician Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Shehan Jul 03, 2025 08:26 AM GMT
Shehan

Shehan

Report

නීතිවිරෝධී ලෙස එකලස් කර, රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ හයක් කූටලේඛන සකස් කර විකුණා ඇති බවට චෝදනා එල්ල වී ඇති හිටපු ප්‍රබල අමාත්‍යවරයකු සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

බස්නාහිර පළාතේ පදිංචිකරුවෙකු වන මෙම හිටපු ඇමතිවරයා, දිගු කාලයක් තිස්සේ තම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ එක්ව, දේශපාලන බලය අනිසි ලෙස යොදාගනිමින් නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහන අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බව මේ වන විට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

මෙම ජාවාරම සඳහා හිටපු ඇමතිවරයාගේ හිතවතුන් කිහිපදෙනෙකු මෙන්ම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ, මෙම නීතිවිරෝධී ක්‍රියාවලියට සහාය වූ බවට සැකකෙරෙන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම, ඉදිරි දින කිහිපය තුළ හිටපු ඇමතිවරයාගේ හිතවතුන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය. මෙම ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරයා විසින් අලෙවි කරන ලදැයි යි කියන ව්‍යාජ වෑන් රථයක් සහ ජීප් රථයක් සමඟ ඔහුගේ තවත් හිතවතෙකු මෑතකදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාපාරයට අදාළ තවත් බරපතල තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත් එම නිලධාරියා සඳහන් කළේය.

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

මෙම මහා පරිමාණ ව්‍යාජ වාහන අලෙවි ජාවාරම, කූටලේඛන සකස් කිරීම, වාහන එකලස් කිරීම සහ ඒවා නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීම යනාදී සංකීර්ණ ක්‍රියාදාමයකින් සමන්විත වූවක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. හිටපු ඇමතිවරයාගේ දේශපාලන බලපෑම් යොදාගනිමින් මෙම ජාවාරම දිගු කලක් පවත්වාගෙන ගොස් ඇති බවටත්, එයට රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බවටත් තොරතුරු හෙළි වීමත් සමඟ, මෙම පරීක්ෂණය රටේ දූෂණ මර්දන ක්‍රියාමාර්ගවල තවත් බරපතල පියවරක් ලෙස සැලකේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරු පරීක්ෂණ පවත්වා ගෙන යන අතර, ඉදිරි දිනවලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ එහි පූර්ණ විස්තර අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති. මෙම සිදුවීම බස්නාහිර පළාතේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයෝ අනුමාන කරති.

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

ReeCha