ගර්භනි කාන්තාවන්ට විශේෂ දැනුම් දීමක්...

By Sithumi Jul 02, 2022 03:03 PM GMT
Sithumi

Sithumi

Report

ගර්භනී කාන්තාවන් තම දරු ගැබට මාස හතක් වෙද්දී සකස් කරගත යුතු ඇඳුම් කට්ටලය සමඟ ඉන්ධන භූලියක්ද අමතරව සූදානම් කර ගන්නා ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

ඉන්ධන හිගය හේතුවෙන් ඇතැම් ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට නොහැකි වීමේ තත්ත්වයක් මතුවී තිබීම මීට හේතුවයි. සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ ඉන්ධන බූලියක් ළඟ තබා ගැනීමෙන් කුමන හෝ වාහනයක් මගින් ගර්භනී කාන්තාවකට රෝහල් කරා යා හැකි වනු ඇති බවයි.

දරු ප්‍රසූතියක් රෝහලක දී සිදු කිරීම අනිවාර්ය බවද ඇය අවධාරණය කර සිටින්නීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now