අවුරුදු ගාණක් ට්‍රයි කරලත් තාම පැටියෙක් කුසට ආවේ නැද්ද - එහෙනම් අනිවාර්යයෙන් මේ දේ කරන්න අතිශය සාර්ථකයි

Report

දරු පිළිසිඳ ගැනීමක් සඳහා පූර්ව සූදානම ෆෝලික් අම්ලය ලබා ගැනීම

දරු පිළිසිඳ ගැනීමකට පෙර පූර්ව සූදානමක් ලෙස දිනපතා ෆෝලික් අම්ලය පෙති ලබා ගැනීම ආරම්භ කරන්න.ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇති වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව

නිරෝගී මනසක් හා ශරීරයක් සඳහා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න. දුම්පානය සහ මත්පැන් පානය වැනි අහිතකර පුරුදුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න.

වෛද්‍ය උපදෙස් ලබා ගැනීම

ගැබ් ගැනීමට මාස කිහිපයකට පෙර වෛද්‍යවරයෙකු, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී ඔබේ ශරීරයේ යකඩ ප්‍රමාණය, රුධිර පීඩනය සහ පවතින රෝගී තත්ත්වයන් පරීක්ෂා කරගන්න.

සරු කාලය හඳුනා ගැනීම

ඔසප් චක්‍රය ක්‍රමවත් නම්, ඔසප් වීම ආරම්භ වූ දින සිට 10 වැනි දිනත් 15 වැනි දිනත් අතර කාලය (සරු කාලය) තුළ සංසර්ගයේ යෙදීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි කරගත හැක.

බර පාලනය කිරීම

ඔබේ ශරීරයේ බර සම්මත මට්ටමට වඩා අඩු හෝ වැඩි නම්, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට කටයුතු කරන්න.

සැහැල්ලු ව්‍යායාම සහ ආතතිය පාලනය

දිනපතා සැහැල්ලු ව්‍යායාමවල නිරත වන්න (අධික ලෙස වෙහෙස වන ව්‍යායාමවලින් වළකින්න). හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීමට මානසික ආතතිය අවම කරගන්න.

ගර්භණී පරීක්ෂාව

නියමිත දිනට ඔසප් වීම සිදු නොවූයේ නම්, ඖෂධ සැලකින් (Pharmacy) මිලදී ගත හැකි මුත්‍රා පරීක්ෂණ පටියක් (Pregnancy kit) භාවිතයෙන් ඔබ ගැබ්ගෙන ඇත්දැයි පරීක්ෂා කර බලන්න.

ශාරුක්ට කරදරයක් - මුළු ලෝකෙම ආදරය කරන ශාරුක්ට ඇයි ඉන්දියාව මෙහෙම කරේ

ශාරුක්ට කරදරයක් - මුළු ලෝකෙම ආදරය කරන ශාරුක්ට ඇයි ඉන්දියාව මෙහෙම කරේ

මුළු දිවයිනටම දරුණු අවදානමක් - දිස්ත්‍රික්ක 5ක්ම මේ වන විට අනතුරේ ලංකාව වටේම සිද්ධවෙන්න යන දේ මෙන්න

මුළු දිවයිනටම දරුණු අවදානමක් - දිස්ත්‍රික්ක 5ක්ම මේ වන විට අනතුරේ ලංකාව වටේම සිද්ධවෙන්න යන දේ මෙන්න