ජනපති අද විශේෂ අයෙකු හමුවෙයි

By Sithumi Oct 02, 2022 03:50 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු තුමා අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය.

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු තුමන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය. 

 කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක පියල් ජානක ප්‍රනාන්දු පියතුමන්, කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික සාගර ප්‍රිශාන්ත පියතුමන් ද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මීට සහභාගී වූහ.

ReeCha