ඉදිරියේදී පැය 15ක විදුලි කප්පාදුවක්..? ඇත්ත නැත්ත මෙන්න..

Report

හෙට (23) සිට ජූනි මස 1 වනදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් හි විභාග කාලය තුළ දී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

අද (22) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ, විභාගය පැවැත්වෙන දිනවල සවස 6.30න් පසුව ද විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.

අද සහ 29 වන ඉරිදා දිනයේ දී ද විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ජනක රත්නායක කියා සිටියා.

මේ අතර ඉදිරියේදී පැය 15 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි එක්තරා දේශපාලන අධිකාරියක් පසුගියදා කල ප්‍රකාශය පදනම් විරහිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now