විදුලිය කපා දමන වේලාව දැනුම්දෙයි - සියලු විස්තර

By Sewvandhi Dec 04, 2021 05:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නොරොච්චෝලේ බලාගාරය යතා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව වාර්තා වෙනවා. 

අද (04) උදෑසන නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

සෙසු මෙගාවොට් 600 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින 4ක් පමණ ගත වනු ඇති බව ද ඔවුන් පවසයි.

ප්‍රධාන සම්ප්‍රේශන මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි.

කෙසේවෙතත් පැය 06කට පමණ පසුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැණුන ද පද්ධතියේ පැවති අසමතුලිතතාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රී වන තුරුත් නිසි පරිදි විදුලි සැපයුම සිදුවුයේ නැත.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රීය වන විට විදුලි සැපයුම සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවය.

සියලු ග්‍රීඩ් උපපොළ මේ වන විට සම්ප්‍රේශණ කටයුතු සිදුකළ ද නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් අක්‍රීයව පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW