හෙට (09) දිනයේ එක් එක් ප්‍රදේශ සදහා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Report

හෙට දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් යන කලාපවලට අලුයම 05 සිට පෙරවරු 08 දක්වා පැය 03 ක්ද – කොළඹ නාගරික කලාපයට පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැය 03 ක්ද විදුලිය කපා හරින බව මහජන උපයෝගීතාla කොමිෂන් සභාව පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now