අද සහ හෙට විදුලිය කැපෙන වෙලාව වෙනස් වෙයි...අලුත් කාල සටහන මෙන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jun 22, 2022 01:31 AM GMT
Aruna

Aruna

Report

අද (22 බදාදා) සහ හෙට (23 බ්‍රහස්පතින්දා) පැය 02 ත් 03 ත් අතර විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කණ්ඩායම් සඳහා පැය 2 ½ ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ දහවල් 12 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ දී යි.

CC කාණ්ඩය සඳහා පෙරවරු 6.00 සිට 8.00 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති. M, N, O, X, Y සහZ කාණ්ඩ සඳහා පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් පනවනු ලබනවා.

ඒ අනුව අද සහ හෙට දිනයන් තුළ විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery