රට පුරා විදුලි කප්පාදුවක් සිදු කරයි?..තීරණය කරන වෙලාව මෙන්න....
අද (13 වැනිදා) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (13) උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටියේ, නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.
පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වුණා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..සියලු ලග්නයන්ට ගුණ අගුණ මෙතනින් දැනගන්න.(VIDEO)
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි වීම සිදුවුණා.
එම නිසා 10 සහ 11 දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, ඊයේ (12) පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.