පොලිසියට වෙට්ටු දදා හිටපු ජනප්‍රිය ටෙලි නළුවෙක් පිටකොටුවේදී අල්ලයි. - හේතුව මෙන්න. - (VIDEO)

Sri Lanka Police Sri Lanka Actors Sri Lankan Actress
By Wayomi Nov 07, 2023 04:39 AM GMT
Wayomi

Wayomi

Report

චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම හේතුවෙන්.

පොලිසිය ප්‍රකාශ කළේ, සැකකාර නළුවා තදින්ම කැසිනෝ සුදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට රුපියල් කෝටියකට අධික මුදල් කැසිනෝ ක්‍රිඩාවෙන් පරදින බවත් ය.

ඔහු පොලිසිය මගහරිමින් විවිධ ප්‍රදේශවල හෝටල් වල සැඟව සිටින සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් පැමිණි පැය 24 ක් ගත වන්නට මත්තෙන් මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

සැකකරු විද්‍යුත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු , හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු වන අතර චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවකු වශයෙන් ද, වෙළඳ දැන්වීම්ල සැකකරු රඟපාන බවත්, ඔහු ඒවා අභාරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය සඳහන් කරනවා.



ReeCha