රියඅනතුරක් නිසා බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දාගේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11 කට පසුව මෙසේ අද (08)දින මෙම 35 හැවිරිදි රාජ්වීර් ජවන්දා මියගිය බවයි.
ඔහු මෙම අනතුරට ලක් වූයේ සිය යතුරුපැදිගෙන් ගමන් කරමින් සිටියදී එකවරම මාර්ගයට පැමිණි ගවයන් රෑනක් සමඟ ගැටීමෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිවයි.
එසේම ඔහුගේ මරණය පිළිබඳව රසිකයන් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඔහුගේ ගීත පන්ජාබයේ විශේෂයෙන් තරුණයින් අතර ජනප්‍රිය නිසාම ඔහුද වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියා.
ඊට අමතරව රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාවට පරිශීලකයන් 900,000 කට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ නැරඹුම් වාර මිලියන ගණනක් නරඹා ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම ජවාන්ඩා පන්ජාබි චිත්‍රපට කිහිපයක ද රඟපා ඇත.