සාම පා ගමනට ගෞරව කිරීමට එන ජනතාවට විශේෂ නිවේදනයක්
ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති “Walk for Peace” සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව සහ සංයමයෙන් යුතුව හැසිරෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ඉල්ලීමක් කරයි.
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විදේශීය භික්ෂූන් වහන්සේලා සහ ලොව පුරා ජනප්‍රිය “ආලෝකා” සුනඛයාද එක්ව සිටින මෙම පාගමන නැරඹීමට පැමිණෙන ජනතාව ඇතැම් ස්ථානවලදී තෙරපීම, අනවශ්‍ය ලෙස වීඩියෝ කිරීම සහ සුනඛයා ස්පර්ශ කිරීමට උත්සාහ කිරීම වැනි බාධාකාරී ක්‍රියාවන් වාර්තා වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
මෙවැනි හැසිරීම් සාම පාගමනට බාධාවක් වන බැවින්, සියලු දෙනාගෙන් විනයගරුක සහ සංයමයෙන් යුත් හැසිරීමක් පෙන්වන ලෙස බලධාරීන් නැවතත් ඉල්ලා සිටී.
අප්‍රේල් 21 වනදා අනුරාධපුරයෙන් ආරම්භ වී මේ වන විට විවිධ ප්‍රදේශ හරහා ගමන් කරන මෙම පාගමන, අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් නිමාවට පත්වීමට නියමිත අතර, එහි ගෞරවය හා ආරක්ෂාව රැකීමට උපරිම සහාය ලබාදෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටී.