ඇමති ලාල් කාන්තගේ මාදිවෙල නිල නිවස ගැන ලොකු හෙළිදරව්වක්
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වසර 14ක කාලයක් රාජ්‍ය දේපළ අවභාවිත කරමින් මන්ත්‍රී නිල නිවසක නීති විරෝධී ලෙස පදිංචිව සිට ඇති බවට චෝදනා කරමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාරදී තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ පිහිටි D-10 නිවාසයෙහි ඔහු මෙලෙස පදිංචිව සිටින බව එම පෙරමුණ චෝදනා කරයි.
එමඟින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පමණක් නොව, වෙනත් මන්ත්‍රීවරයෙකුට නිල නිවසක් ලබාගැනීමට ඇති අයිතියද අහිමි කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
ලාල්කාන්ත මහතා 2001 දෙසැම්බර් 19 සිට 2010 පෙබරවාරි 9 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළ අතර, 2010 සිට 2024 දක්වා මන්ත්‍රී ධූරයක් නොමැතිවද එම නිවාසයේම පදිංචිව සිට ඇති බව නව ජනතා පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.