රනිල්ගේ ලන්ඩන් සංචාරයේ රහස හෙළිවන ලියවිල්ල එළියට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විවාදයට ලක්ව ඇති ලන්ඩන් සංචාරයට අදාළව, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය වෙත යොමු කළ ආරාධනා පත්‍රයක පිටපතක් නිකුත් කර තිබේ.
එම ලේඛනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දී ඇති බව සඳහන් වේ.
අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස, අදාළ ආරාධනා පත්‍රයේ පිටපත විශ්වවිද්‍යාලය විසින් ලබාදී ඇති බව වාර්තා වේ.