පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi May 15, 2022 12:46 PM GMT
Sithumi

Sithumi

Report

දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුද්ගලයන්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වල නිරත වීම සහ විවිධ අපරාධ වල නිරත වීම සඳහා පෙළඹවීම් සිදුකරන බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කර ගෙන ඇති බවත් අනවශ්‍ය පරිදි පුද්ගලයන් ඒකරාශී ඒකරාශි වැළැක්විය යුතු බවද බව ද පොලිස්පතිවරයා චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත.

ඒකරාශී වීමෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් , අවශ්‍ය අවස්ථාවන්වලදී වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියාව වැළැක්විය යුතු බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් වේ.

මේ නියෝගය සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්., සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොට්ඨාශ භාර නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීන් වෙත යොමු කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now