අධිවේගී මාර්ගය භාවිතා කරන අයට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.

Police Ajith rohana High way
By Aruna Apr 19, 2021 07:10 AM GMT
Report

අධිවේගී මාර්ගය තුළ රිය ධාවනයේදි වම් පස මංතීරුව භාවිතා කරන ලෙසට පොලිසිය විසින් රියදුරන්ට දැනුම් දෙනවා.

වාහනයක් ඉස්සර කිරීමට පමණක් දකුණුපස මංතීරුව භාවිත කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අද දිනය තුළ අධිවේගි මාර්ග ආශ්‍රීතව විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.