හෙට රථ වාහන ධාවනය කරන රියදුන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් රිය පදවන්න(PHOTOS)..

Report

හෙට ට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා සංවිධානය කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, මැයි දින සැමරුම් උත්සව 19ක් ද පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව ද පොලීසිය විසින් දැනුම්දී තිබෙනවා.

පොලීසිය විසින් ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත්කර ඇති, කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පහත පරිදි වේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery